විසල් සයුරේ සිරි නැරබීමට
වෙරළෙන් මහ රල අතරට
ඇදෙමින් තිබු පුංචි නෞකාවක්...
දරා ගැනීමට නොහැකි
කුණාටුවකට අසුව
පරක් තෙරක් නොදන්නා
මහ සයුර මැද අතරමංව...
සෝසුසුම් හලමින් සිටියදී
නෞකාවකින් අතහැරදමා
සයුරේ පිහිනමින් සිටි
කපිතාන්වරයෙකු මුණ ගැසුණි...
නුහුරු නුපුරුදු වූ
මෙම මිනිසා කෙරෙහි
ලෙන්ගතුකමක් ඇති වූ බැවින්
නැවට ගොඩ නැගීමට අවසර දුන්නෙමි...
කාලයාගේ ඇවෑමෙන් කෙමෙන්
දළුලන ලැබූ මිතුදම
ආත්මීය බන්ධනයක් වීමට
ගත වුයේ නිමේෂයකි...
මා ආදරණිය
කපිතාන්වරයාණනි,
අපගේ ප්‍රේම චාරිකාවට
තව නොබෝ දිනකින්
තුන් වසරයි...
