රාත්‍රියේ සුන්දර සිහින බොඳ කරමින්
නදදෙයි හෝරා යන්ත්රය අලුයම
තවත් අලුත් දවසක ඇරඹුම...
සනිටුහන් වෙයි එතැන සිට
දඩිබිඩියේ, කඩිමුඩියේ
ලක ලැහැස්ති වී
දුවයි කාර්ය්‍යාලය වෙත
ලිපි ගොනු වල මුහුණ ඔබන්
කරයි වැරදි නිවැරදි කිරීම්
සවස බසයෙ තෙරපෙන විට
මහන්සි නොවූ ගතද රිදෙයි
ගෙදර පැමිණි මොහොතේ සිට
රෑ වන තෙක් නෑ ඉවසුම්
දයාබර වූත් ලෙන්ගතු වූත්
කථාවේ ආරම්භයට...
දැනෙයි සිසිලක් මනසට හා ගතට
ඇසෙන විට ආදරබර වදන්
මෙයයි මා පැතූ ආත්මීය
ආදරය, සෙනෙහස හා රැකවරණය
නිතැතින් මට ඒ හැමදේ
ලබාදෙන මගෙ සුදූට
මගෙ පණටත් වැඩියෙන් ආදරෙයි....